What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»විදුලිය බිඳවැටීමක් සිදුනොවන බවට සහතිකයක්
    Local

    විදුලිය බිඳවැටීමක් සිදුනොවන බවට සහතිකයක්

    writerBy writerNovember 3, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    අද (03) දින, ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සංවිධානය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබේ. විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ, අද දහවල් 12.00ට ලංකා විදුලිබල මණ්ඩලයේ මුලස්ථානය ඉදිරිපිට අදාළ විරෝධතාව සංවිධානය කර ඇති බවය.

    එම විරෝධතාව හේතුවෙන් අද දිනයේ විදුලිය බිඳවැටීමක් සිදුනොවන බව ඔහු අවධාරණය කරයි.

    “ලංගම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විදියට අද දහවල් 12ට ලංකා විදුලිබල මණ්ඩල මුලස්ථානයේ සිට සංවිධානය කරනු ලබන උද්ඝෝෂණ ව්‍යාපාරය ඒ ආකාරයෙන් ම පවත්වන්න සුදානම් කරලා තියෙනවා. ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති වරාය ඉදිරිපිටත්, කෙළොන්නාවේ තෙල් ටැංකි ඉදිරිපිටත් ඒ වගේම සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටත් උද්ඝෝෂණය පැවැත්වෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයෝ විදුලිබල මණ්ඩලයේ මුලස්ථානයට රැස්වෙනවා. ආණ්ඩුවට බලකර කියා සිටිනවා අමෙරිකානු සමාගම සමඟ ගහපු ගිවිසුම රට ට හෙළි කරන්න ඕනේ. ආණ්ඩුවට පැහැදිලිව කියනවා අද වැඩවර්ජනයක් නෑ. අද සියලුම සේවකයෝ උද්ඝෝෂණයට එන්නේ බලාගාරවල සහ බිඳවැටුම් සේවකයෝ අදාළ තැන්වල සිටිය දී.”

    මේ අතර පාලනාධිකාරියේ නියෝග කඩ කරමින් උද්ඝෝෂනයට සහභාගී වන සේවකයින් හදිසි නඩත්තු කටයුතුවලට සම්බන්ධ නොවන්නේ නම් එය සේවා ගිවිසුම උල්ලංඝනය කිරීමක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස් මහතා ප්‍රකාශ කළේය.

    “3 සහ 4 විදුලිය විසන්ධිවීමක් හෝ ස්වභාවික හේතුන් මත විසන්ධි වුණත් එය යථාවත් නොකර ඉදීමේ උත්සහයක් හෝ වෑයමක් හෝ අධිෂ්ඨානයක් අපිට දැනුවත් කරපු ආකාරයට පවතින්නේ නෑ. එහෙම විදුලිබල මණ්ඩලයේ සේවා ගිවිසුම් යටතේ සේවය කරන සාමාන්‍යාධිකාරී සිට ඊට පහළ සෑම තරාතිරමකම සේවකයෙක්ම ඒවා සේවා ගිවිසුමේ කොන්දේසියක් ලෙස සලකා සහ රජයෙන් පඩි ලබන අය ලෙස බැඳිලා ඉන්නවා. සැමට සැමවිට නියමිත වෝලටීය ධාරිතාවයෙන් යුත් විදුලිබලයක් ලබලා දෙනවා. එය තමන්ගේ වෘත්තීමය වගකීමක්. වෘත්තීයෙන් බැහැරව රජයේ කටයුත්තක් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ තමන්ට තියෙන මුලික කතා කිරීමේ නිදහස හා අනෙකුත් නිදහස් භාවිත කරමින් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් අයිතිය තියෙනවා. එයාලට පිකට් කරන්න පුළුවන් විවේක කාලය තුළ හැබැයි වෘත්තීය ක්‍රියාමාර්ගයකට වෘත්තීයට අදාළ නොවන ක්‍රියාවක් සම්බන්ධයෙන් මැදිහත්වීම මම හිතන්නේ බරපතළ විනය විරෝධී ක්‍රියාවක් බවට පත්වෙනවා.”

    කෙසේවෙතත් අද දිනය තුළ කිසියම් ආකාරයක විදුලිය බිඳවැටීමක් සිදුවුවහොත් ජල සැපයුමට ද බාධා එල්ල විය හැකි බව ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමයේ ලේකම් උපාලි රත්නායක මහතා සඳහන් කළේය.

    “වෘත්තිය සමිති ප්‍රකාශයට පත්කරලා තියෙන ආකාරයට, විදුලි සැපයුම අඬාලවීමේ අවධානමක් පවතිනවා කියලා ප්‍රකාශයට පත්කරලා තියෙන්නේ. ජලප්‍රවාහන හා ජල සම්පාදන මණ්ඩලය සියලු පොම්පාගාර හා ජලපවිත්‍රාගාර ක්‍රියාත්මක වෙන්නේ විදුලි සැපයුමෙන්. විකල්ප ක්‍රමයක් ජල සම්පාදන මණ්ඩලයට නෑ. යම්කිසි ආකාරයකින් විදුලිය බිඳවැටීමක් සිදුවුවහොත් ජලසැපයුමට බාධාවක් ඇතිවෙනවා.” source-derana

     96 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleඅද (03) දින කාලගුණය
    Next Article අද (03) දින කොවිඩ් මර්දන එන්නත ලබා දෙන ස්ථාන

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     91 total views,  2 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.