What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Monday, May 23
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»චම්පික රණවක ට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ
    Local

    චම්පික රණවක ට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ

    writerBy writerNovember 2, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසිය හිටපු ස්ථානාධිපති හා වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 30 දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. එම නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී නඩු විභාගය නොවැම්බර් 30 වනදා පැවැත්වීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂි දීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන් වශයෙන් නම් කර සිටින අනතුරට පත් සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා ඇතුළු සාක්ෂිකරුවන් හය දෙනකු වෙත සිතාසි ද නිකුත් කළේය.

    එමෙන්ම එම රිය අනතුර සිදුවූ අවස්ථාවේ දී අමාත්‍ය චම්පික රණවක මහතා විසින් පැදවූ බව කියන ඩබ්ලිව්. පී. කේ. පී. 7545 දරණ ජිප් රථය මේ මස 22 දා ට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා විසින් කලුතර දිස්ත්‍රික් ලේකම්වරයාට නියෝග කළේය.

    එම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය. එම මූලික විරෝධතාව නඩු විභාගය ආරම්භයේ දී ඉදිරිපත් කරන ලෙසයි එහිදී විනිසුරුවරයා විත්තියේ නීතිඥවරයා ට දැනුම් දුන්නේ.

    2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පැදවූ ජිප් රථයක් මඟින් සංදීප් සම්පත් නමැති තරුණයකුට බරපතළ අනතුරක් සිදුකිරීම, බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදුකළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීතියානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 1‍6ක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ. source-derana

     62 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous ArticleLAUGFS සමාගම යළි ගෑස් මිල වැඩි කිරීමට ඉල්ලයි
    Next Article සයිනෝෆාම් එන්නතේ ක්‍රියාකාරීත්වය හා බූස්ටර් එන්නත් මාත්‍රාව

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.