2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මහ බැංකුව විසින් මූල්‍යමය දණ්ඩන පනවනු ලබනවා. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2021 ජූලි 01 සිට 2021 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කර ගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 2.0 ක් වනවා.
දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කර තිබෙනවා. ඒ පහත මුල්‍ය ආයතන සඳහා දණ්ඩනයන් පැනවීමෙන් අනතුරුවයි.
- පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පිඑල්සී
දණ්ඩනය පනවන ලද දිනය : 2021 ජූලි 6 – වටිනාකම (රුපියල්) : 1,000,000.00 (රුපියල් මිලියනයකි)
- අයිඩියල් ෆිනෑන්ස් ලිමිටඩ්
දණ්ඩනය පනවන ලද දිනය : 2021 ජූලි 12 – වටිනාකම (රුපියල්) : 500,000.00 (රුපියල් ලක්ෂ පහකි)
- සෙලාන් බෑන්ක් පී.එල්.සී
දණ්ඩනය පනවන ලද දිනය : 2021 අගෝස්තු 12 – වටිනාකම (රුපියල්) : 500,000.00 (රුපියල් ලක්ෂ පහකි)
source-colombotimes
80 total views, 2 views today