පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් 22,771 දෙනෙකු පැමිණ තිබෙනවා. එය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 68%ක වර්ධනයක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. එමෙන්ම, පසුගිය පළමු මාස 10 තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ද 60,000 ඉක්මවා ගොස් තිබෙනවා.
විදෙස් සංචාරකයින් සඳහා මෙරට දේශසීමා විවෘත කෙරුණේ පසුගිය ජනවාරි 21 වැනි දායි. ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා කාලය සැලකූ විට ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් එනම් සංචාරකයින් 18,466 පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එක්සත් රාජධානිය, ජර්මනිය, කසක්ස්ථානය සහ යුක්රේනය ඊළඟට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රටවල්. source-hiru
78 total views, 2 views today