හැටන් නගරයේ පිහිටි ප්‍රධාන පෞද්ගලික බැංකුවක ඒ. ටී. එම්. යන්ත්‍රවල ඊයේ (01) දා මුදල් තැන්පත් කිරීමට පැමිණි පෞද්ගලික ආරක්ෂක ආයතනයක වෑන් රථයේ පැමිණි රියදුරු විසින් ම කෝටි 6කට අධික මුදලක් සමග පැහැර ගෙන පලා යමින් සිටියදී පොලිස් විශේෂ කාර්යය බලකායේ අත් අඩංගුවට පත් වී තිබෙනවා.
මුදල් තැන්පත් කිරීම සඳහා මහනුවර සිට ආයතනයේ නිලධාරියෙක්, ආරක්ෂක නිලධාරියෙක් සහ රියදුරා පැමිණ ඇති අතර ඒ. ටී. එම්. යන්ත්‍රයේ මුදල් තැන්පත් කිරීමට ආරක්ෂක නිලධාරියා සහ ආයතනයේ නිලධාරියා වෑන් රථයෙන් බැසීමෙන් පසු රියදුරු වෑන් රථය පදවාගෙන පලා ගොස් තිබෙනවා.
චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කර රියදුරා පසුපස ලුහුබැඳ ගොසිනුයි මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. සැකකරු හා මුදල් සමග වෑන් රථය වැඩිදුර පරීක්ෂණ සඳහා හැටන් පොලීසිය වෙත භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ, මීපිළිමාන කඳුවුරේ නිලධාරියෙක් පැවසුවා. අද (02) දා මුදල් පැහැර ගැනීමට අදාළ සැකකරු හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.
source-hiru
114 total views, 2 views today