දෙසැම්බර් මාසයේදී යළිත් කොවිඩ් ආසාදිතයන් වැඩිවීමේ හැකියාවක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. COVID-19 පැතිරීමේ තර්ජනය ශ්‍රී ලංකාව තුළ තවදුරටත් පවතින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ. ඒ අනුව එන්නත් වලට ප්‍රතිචාර නොදක්වන A .30 ප්‍රභේදය මෙරටට නුදුරේදිම ඇතුලුවිය හැකි බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවනවා.
ලෝකයේ පවතින සැම කොවිඩ් ප්‍රභේදය්ක්ම මෙරටින් වාර්තා වි ඇති බැවින් අදාළ නව ප්‍රභේදයද වාර්තා විමේ හැකියාවක් පවතින බවයි එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ. සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපදින ලෙස ද උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලිමක් කළා. මේ අතර දෙසැම්බර් මාසයේදී කොවිඩ් ආසාදිතයන් වැඩි වීමේ වැඩි හැකියාවක් පවතින බව නිරීක්ෂණය වී ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ද අනතුරු ඇඟවීමක් සිදුකළා.
විශේෂයෙන්ම විනෝද චාරිකාවලදී තම දරුවන් සමඟ එළිමහනේ යාමෙන් වළකින ලෙසයි ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ. මේ අතර, ප්‍රතිකාර සඳහා රෝහල් වෙත පැමිණෙන විට තම කොවිඩ් එන්නත් කාඩ්පත් රැගෙන එන ලෙස රජයේ රෝහල් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. source-colombotimes
72 total views, 2 views today