මහවැලි එච් කලාපයේ ගොවීන්, තඹුත්තේගම නගරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කටයුතු කිරීමට තමන් දැන් සූදානම් බවයි. මාධ්‍ය හමුවෙන් අනතුරුව මහවැලි අධිකාරියේ එච් කලාපයේ නිවාස ව්‍යාපාර කළමනාකරු හමුවූ ගොවීන් නිසි කලට ජලය නිකුත් කරන්නැයි ඉල්ලමින් ඒ වෙනුවෙන් වන නැකත් පත්‍රය භාරදෙනු ලැබීය.
එවන් පසුබිමක අනුරාධපුර, ඉත්තෑවැව ගොවීන් කාබනික පොහොර භාවිතයෙන් කුඹුරු අස්වැද්දීම මේ වනවිට ආරම්භ කර තිබේ. ඔවුන් ගම්මානයේ සියලුම ගොවීන් හට අවශ්‍ය ගුණාත්මක භාවයෙන් යුක්ත කාබනික පොහොර නිෂ්පාදනය කර තිබීම ද විශේෂත්වයකි.
පොළොන්නරුව, මහවැලි බී කලාපයේ දිඹුලාගල ගොවීන් පිරිසක් කාබනික පොහොර යොදා ගනිමින් මෙවර මහ කන්නයේ වී වගා කටයුතු සිදුකිරීමට බිම් සකස්කරන අයුරු දක්නට ලැබූණි. මේ අතර මහ කන්නයට අවශ්‍ය පොහොර ලබාදෙන්නැයි ඉල්ලා අදත් ප්‍රදේශ කිහිපකම ගොවීන් විරෝධතාවල නිරතවුණි.
එමෙන්ම ඇළහැර ගොවීන් ඒ වෙනුවෙන් ආරම්භ කළ උපවාසය ඊයේ (31) 8 වැනි දිනටත් ක්‍රියාත්මක විය. වගාවට අවශ්‍ය පෙහොර ඉල්ලා ගොවීන් අද පෙරවරුවේ ඇඹිලිපිටිය කාවන්තිස්ස විහාරයේ සිට ඇඹිලිපිටිය ප්‍රධාන නගරය දක්වා පාගමනින් පැමිණ විරෝධතාවක නිරතවුණි.
මේ අතර ඇළහැර ගොවි ජනපදයේ ගොවින් අද පෙරවරුවේ ඇලහැර ඔරුබැඳිසියඹලාවේ කුඩා මින්නේරි දේවාලයේ දේව කන්නලව්වක් සිදුකළේ පොහොර ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමිනි. එමෙන්ම ගොවි ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවයක් කැකිරාව මංසන්ධියේදී පෙරේදා (30) පැවැත්වුණි.
මේ අතර රසායනික පොහොර තහනම සහ මෙරට කෘෂිකර්මාන්තයේ ඉදිරි අනාගතය පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා ඊයේ කළුතරදී වැඩමුළුවක් පවත්වා තිබේ. එහිදී ප්‍රධාන දේශනය සිදුකරනු ලැබුවේ කෘෂිකර්ම පිඨයේ රුහුණු විශ්වවිද්‍යාලයේ බෝගවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂඨ මහාචාර්ය අරුණ කුමාර මහතා විසිනි.
“අපි උපකල්පනයක් කරමු වකුගඩු රෝගයට බලපාන්නේ රසායනික පොහොර තමයි කියලා. එහෙම නම් රසායනික පොහොර භාවිත නොකරන තැන්වල වකුගඩු රෝගය නැති වෙන්න ඕනේ. අපි හෙක්ටයාරයකට රසායනික පොහොර වසරකට කිලෝ 138ක් දානකොට නවසීලන්තය දානවා 1,895ක්. වකුගඩු රෝගය නිසා ජනගහණය ලක්ෂයකට වාර්ෂිකව මරණ ප්‍රමාණය මෙන්න. ලංකාවේ මරණ 23යි. නවසීලන්තයේ 1යි.”
source-derana
146 total views, 2 views today