What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»සොබාදහම ට එරෙහි නොවන කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍යයි – ජනපති
    Local

    සොබාදහම ට එරෙහි නොවන කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍යයි – ජනපති

    writerBy writerNovember 1, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකර්ම විප්ලවයක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. මිනිසුන් ස්වභාව ධර්මයට එරෙහිව ක්‍රියාකරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

    ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව “නයිට්‍රිජන් නැවත සොයාගැනීම, දේශගුණික විපර්යාස, සෞඛ්‍ය, ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්‍රියාකාරීත්වය,“ යන තේමාව යටතේ ශ්‍රී ලංකාව සංවිධානය කළ විශේෂ සම්මන්ත්‍රණයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    එරට වේලාවෙන් ඊයේ (31) පස්වරු 5.00ට පමණ එම සම්මන්ත්‍රණය පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. තම රජයේ ප්‍රතිපත්ති රාමුව තිරසර සංවර්ධනය බව මෙහිදි අවධාරණය කළ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යාවත්කාලීන කළ ජාතික නිර්ණයන් සහ අභිලාශයන්ගෙන් ඒ බව මනාව පිළිඹිබු වන බව ද සඳහන් කළේය.

    නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රමවේද සහ හුරුපුරුදු ක්‍රම භාවිතයෙන් පරිසරය විනාශ නොකොට කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම අප හමුවේ පවතින අභියෝගයක් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ. දශක ගණනාවක් පුරා නිධන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවිජනතාව අතර බරපතළ ගැටලුවක් වී පවතින අතර රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම මීට ප්‍රමුඛ හේතුවක් බව ද ජනාධිපතිවරයා එහිදි පෙන්වාදුනි.

    රසායනික පොහොර ආනයනය අවම කිරීමටත්, කාබනික කෘෂිකර්මාන්තය දැඩි ලෙස දිරිමත් කිරීමටත් තම රජය පියවර ගනු ලැබුවේ එම සන්ධර්භය තුළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි පැහැදිලි කළේය. මෙම ක්‍රියාව පුළුල් ඇගයීමට ලක්ව ඇතත් ඊට විවේචන සහ විරෝධතා එල්ල වී ඇති බව ද ජනාධිපතිවරයා එහිදි සඳහන් කළේය.

    රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම්වලට අමතරව අස්වැන්න වැඩි කරගැනීමේ පහසු මාධ්‍යයක් ලෙස පොහොර අධික ලෙස භාවිතා කිරීමට හුරු වී ඇති ගොවීන් මෙම විරෝධතා සඳහා පැමිණ ඇති අතර ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික උරුමය සලකා බැලීමේ දී මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ද ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය. source-derana

     118 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleදුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි ගැටෙයි
    Next Article කටුවාපිටියෙන් ඇසෙන පාස්කු ප්‍රහාරයේ විලාපය

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     91 total views,  2 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.