කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන නගරය හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ එකිනෙකට සම්බන්ධ වීම නිසා කොළඹ නගරයට ඇතුල් වන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවී තිබෙනවා.
අධික වාහන සංඛ්‍යාවක් සඳහා වත්මන් කැලණි පාලමේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස 2014 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් යොදා නව කැළණි පාලම ඉදිකිරිම සදහා මූලික සැලසුම් සකස් කර ගිවිසුම් අත්සන් කර තිබුණා.
ඉන් අනතුරුව පැරණි කැලණි පාළමට යාබදව මංතීරු 06 කින් යුත් නව පාලම ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කටයුතු ආරම්භ කළා. කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන තැන සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මෙම නව කැළණි පාලම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් වනවා.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් මෙම මාර්ගය නිර්මාණය කර තිබෙනවා. කැළණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380ක් වන බව සඳහන්.
පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කර තිබෙනවා. පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් වැය කර ඇති අතර දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සදහා මූල්‍ය ප්‍රතිපාදන සපයනු ලැබුවේ විශේෂ ආර්ථික ගිවිසුම් කොන්දේසි යටතේ ජපාන අන්තර් ජාතික සහයෝගිතා ආයතනය (JICA) මගින් බව සඳහන්.
ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසදිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරිම සදහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද ශාක ප්‍රභේද රෝපණය කරන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය මස උපදෙස් ලබා දුන් බව වාර්තා වනවා.
ඒ අනුව කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක රෝපණය කිරිමට නව කැළණි පාලම් ව්‍යාපෘතිය භාර නිළධාරීන් මේ වන විට කටයුතු සූදානම් කර ඇති අයුරු පසුගියදා (29) අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා. එමෙන්ම මේ වන විට නව කැළණි පාලම විදුලි ආලෝකකරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් යොදා ඉදි කල නව කැලණි පාලම නොවැම්බර් මාසයේ දී ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙන බවද වාර්තා වනවා. source-colombotimes



136 total views, 2 views today