What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»අද කුසලධම්ම මහනාහිමිගේ ආදාහන පූජෝත්සවය සදහා කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්
    Local

    අද කුසලධම්ම මහනාහිමිගේ ආදාහන පූජෝත්සවය සදහා කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

    writerBy writerOctober 31, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    අපවත් වී වදාළ අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (31) දින කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පස්වරු 1.30ට පමණ පැවැත්වීමට නියමිතයි. පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙණේ තැන්පත් කර ඇති කුසලධම්ම නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර දහවල් 12.30ට පමණ පිරිවෙණෙන් පිටත්වීමට නියමිතව ඇත.

    ඒ අනුව, ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර නුවර පාර, කැළණි පාලම, බේස්ලයින් පාර, බණ්ඩාරනායක මංසන්ධිය, ඔරුගොඩවත්ත මංසන්ධිය, ඉංග්‍රම් මංසන්ධිය, දෙමටගොඩ මංසන්ධිය, බන්ධනාගාර මංසන්ධිය, බොරැල්ල මංසන්ධිය, ඩී.එස් සේනානායක මංසන්ධිය, හෝර්ටන් විජේරාම මංසන්ධිය, හෝර්ටන් වටරවුම, නන්දා මෝටර්ස් මංසන්ධිය, නිදහස් වටරවුම සහ නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍රය දක්වා පැමිණීමට නියමිතය.

    ආදාහන පූජෝත්සව රථ පෙරහැර ගමන් කරන අවස්ථාවේ මාර්ග අවරහිරතා පැවතිය හැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. කලක් රෝගාතුරව සිටි මහා විහාර වංශික ශාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සහ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි පසුගිය 28 වනදා අපවත් වූ අතර ඒ වන විට උන්වහන්සේ 84 හැවිරිදි වියෙහි පසුවූහ.

    ත්‍රිපිටකය වාර්ගීෂ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද, දර්ශන විශාරද, ආචාර්ය, අග්‍ග මහා සද්ධම්මජෝතිකධජ, මහෝපාද්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් අපවත් වන විට පෑලියගොඩ විද්‍යාලංකාර මහ පරිවේණාධිපති සහ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කරනු ලැබීය. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධිය හිමිකර ගත් උන්වහන්සේ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙණ කේන්ද්‍රීයව ධර්ම ශාස්ත්‍ර සේවාවන් ආරම්භ කළහ.

    විද්‍යාලංකාර සම්ප්‍රදාය ආරක්ෂා කරමින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට මහත් සේ ඇලුම් කළ නායක ස්වාමීන් වහන්සේ උගත්, සිල්වත්, භික්ෂු පරපුරක් සසුනට දායක කිරීමට වෙහෙස වී සම්බුද්ධ ශාසනය බැබලවීමට ඉමහත් සේවයක් ඉටුකරනු ලැබුහ. කුසල ධම්ම නාහිමිගේ ශ්‍රී දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව  සහ අනුග්‍රහය ඇතිව සිදුකෙරෙන අතර අද දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පිහිටා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන සහ මස් මාංශ අලෙවිසැල් වසා තැබෙන අතර සුරාසැල් ද වසා තැබිය යුතු වේ. source-derana

    ආචාර්ය කුසලධම්ම නාහිමි ශ්‍රී දේහයට ජනපති ගෞරව | සිළුමිණ
    කුසලධම්ම නාහිමියන්ගේ ශ්‍රී දේහය විද්‍යාලංකාර පිරිවෙනට වැඩමවනු ලැබූ මොහොත |  දිනමිණ
    කුසලධම්ම මහනාහිමිගේ ආදාහන පූජෝත්සවය අද - කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

     82 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleඅද (31) දින කාලගුණය – ප්‍රදේශ කිහිපයකට තද වැසි
    Next Article පොදු ස්ථානවලට ඇතුළුවීමට එන්නත් කාඩ්පත අනිවාර්යය කරයි..?

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.