What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»මහජන බැංකුව, අසාදු ලේඛන ගතවීම ගැන ප්‍රතිචාර දක්වයි
    Local

    මහජන බැංකුව, අසාදු ලේඛන ගතවීම ගැන ප්‍රතිචාර දක්වයි

    writerBy writerOctober 30, 2021No Comments3 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රතිචාර දක්වා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මහජන බැංකුව පවසන්නේ, එම ණයවර ලිපියට අදාළ ගෙවීම් සිදුකිරීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ, අදාළ වෙළෙඳ ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ නියෝගයකට අනුව බවය.

    මේ සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලයේ අදාළ නිලධාරීන් දැනුවත් කර ඇතැයි ද මහජන බැංකුව නිවේදනය කරයි. මෙම ගෙවීම් ප්‍රමාදයට එකම හේතුව වනුයේ වගකිවයුතු ආයතනය පුරවැසියෙකු ලෙස මෙරට අධිකරණ නියෝගවලට අනුකූලව කටයුතු කිරීමට මහජන බැංකුව බැඳී සිටීම හේතුවෙන් බව ද එම නිවේදනයේ සඳහන්ය. දැනට ක්‍රියාත්මක වන නීතිමය බාධක ඉවත් කිරීමෙන් පසු, සාමාන්‍ය වෙළෙඳ පරිචයන් අනුව ණයවර ලිපි සඳහා ගෙවීම කඩිනමින් සිදුකරන බව ද මහජන බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    මහජන බැංකුවේ ප්‍රධාන විධායන නිලධාරී රංජිත් කොඩිතුවක්කු මහතා,

    “අදාළ වාරණ නියෝගය පිළිබඳ නීති කටයුතු අවසන් වූ පසු ගෙවීම් කිරීමට මහජන බැංකුව සූදානමින් සිටිනවා. මේ පිළිබඳව අපි චීන තානාපති කාර්යාලය වෙත දන්වා යවා තිබෙනවා.”

    මෑතකදී මහජන බැංකුව විසින් නිකුත් කළ ණයවර ලිපියට අදාළ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය අදාළ තීරණය ගෙන තිබුණි. දැනට මතභේදයකට ලක්වී ඇති චීනයේ චින්දාඕ සීවින් බයෝටෙක් සමාගමෙන් ගෙන්වීමට සැලසුම් කළ කාබනික පොහොර සඳහා ණයවර ලිපි නිකුත් කර තිබුණේ, මහජන බැංකුව හරහාය.

    නමුත් ශ්‍රී ලංකා ශාක නිරෝධායන සේවය එම පොහොර සාම්පල පරීක්ෂාවෙන් පසුව පවසා තිබුණේ, එම පොහොර සාම්පලවල අර්වීනියා නම් බැක්ටීරියාව අඩංගු බැවින් එම පොහොර භාරනොගත යුතු බවටය. සීමාසහිත ලංකා පොහොර සමාගම විසින් චින්දාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව වාණිජ මහාධිකරණයෙන් ඉකුත් 22වනදා වාරණ නියෝගයක් ගෙන තිබුණි. ලංකා පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්, ගිවිසුම යටතේ චීන සමාගම විසින් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට නැව්ගත කිරීමට අවශ්‍ය වුවද එම තොගයේ ක්ෂුද්‍ර ජීවීන් අඩංගු වියහැකි බව සිය නැව් උපදෙස් (shipping advice) වලදී සමාගම පිළිගෙන ඇති බව අධිකරණය වෙත එහිදී දන්වා සිටියේය. 

    ජාතික ශාක නිරෝධායන සේවය (National Plant Quarantine Service) විසින් ඔවුන් වෙත යවන ලද නියැදිය පරීක්‍ෂා කර ඇති අතර ඇතැම් හානිකර බැක්ටීරියා ඇතුළු ජීවීන් එහි සිටින බවට තහවුරු කර තිබුණි.  මෙම තොගය, කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ටෙන්ඩර් ක්‍රියාවලියකින් ලබාගත් නැව්ගත කිරීමක (shipment) කොටසකි.  ඒ අනුව මෙම වාරණ නියෝගය මගින් චීන සමාගම වන චින්දාඕ සීවින් බයෝටෙක් ගෘප් කම්පනි (Qingdao Seawin Biotech Group Co.) වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් (Letter of Credit) යටතේ මහජන බැංකුව විසින් කිසිදු ගෙවීමක් සිදු කිරීමට නොහැකි විය.

    එම චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතයාට ණයවර ලිපිය යටතේ කිසිඳු ගෙවීමක් ලබාගැනීමද අවහිර වනපරිදි වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගය නිකුත් කර තිබුණි. පසුව ඉකුත් 26 වනදා ද චින්දාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ අධිකරණයෙන් තවත් වාරණ නියෝගයක් නිකුත් කෙරිණි. චින්දාඕ සීවින් බයෝටෙක් ගෘප් කම්පැනිය වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් යටතේ මහජන බැංකුව විසින් කිසිදු ගෙවීමක් කළ නොහැකි වන ලෙස අදාළ වාරණ නියෝගයේ ද සඳහන් වී තිබේ. 

    මහජන බැංකුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ. 

    source-derana

     180 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleකතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, රදගුරු සම්මේලනයෙන් කැඳවීමක්
    Next Article ථේරවාදී ත්‍රිපිටක මධ්‍යස්ථානයක් පිහිටුවන්න ජනපතිගෙන් උපදෙස්

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.