ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ දිනවල රුසියාවේ මොස්කව් නුවර සංචාරයක නිරත වෙයි. හමුදාපතිවරයා එම සංචාරය සඳහා ගොස් ඇත්තේ රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් මහතාගේ සහ එරට ආරක්ෂක අමාත්‍යාංශයේ ආරාධනයකට අනුවය.
එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිවරයා වෙත රුසියානු ජනරජ භූමි හමුදාවේ සම්මාන ආචාර ගෞරවාචාරය පිරිනැමීමද සිදුකරනු ලැබීය. ඉන් අනතුරුව හමුදාපතිවරයා ක්‍රෙම්ලිනයේ ඇලෙක්සැන්ඩ්‍රොව්ස්කි උද්‍යානයේ පිහිටි ‘Tomb of the Unknown Soldier’ රණවිරු ස්මාරකය වෙත පුෂ්ප උපහාර පුද කර දිවිපිදු රුසියානු හමුදාවේ විරෝධාර රණවිරුවන් සිහිපත් කරන ලදි.
එම සංචාරයේදී ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් සිදුකරන පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වීම සහ දෙරට අතර පවත්නා යාන්ත්‍රික හා ඉංජිනේරු දැනුම හුවමාරු කරගැනීම ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.





source-derana
74 total views, 2 views today