සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඕනෑම දිනක විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට උප කුලපතිවරුන්ට අද සිට බලය පැවරෙන බව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා. අදාළ දින තීරණ කිරීමේ බලය එක් එක් විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරුන්ට පවරා ඇති බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ.
පළමු අදියර යටතේ විශ්ව විද්‍යාල සඳහා පැමිණිමට අවසර දී ඇත්තේ පූර්ණ එන්නත්කරණයට ලක්ව සති 02 ක් ගතවූ සිසුන්ට පමණයි. එමෙන්ම ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 25 ක් පමණක් බැගින් ප්‍රථමයෙන් අධ්‍යයන කටයුතු සඳහා සහභාගී කරගන්නා ලෙසද උපදෙස් දී තිබෙනවා.source-colombotimes
52 total views, 2 views today