What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Monday, May 23
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියාගෙන් CIDයට පැමිණිල්ලක්
    Local

    රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියාගෙන් CIDයට පැමිණිල්ලක්

    writerBy writerOctober 26, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    2019 වසරේ සිදුවු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමා සහ වෙනත් අය සිදුකර ඇති චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානි සුරේෂ් සලේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

    එම ප්‍රහාරයට නායකත්ව ලබාදුන් ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හෂීම් වෙත ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් මුල්‍යමය හා වෙනත් අත්‍යාවශ්‍ය සහය ලබාදුන් බව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් Zoom තාක්ෂණය ඔස්සේ 2021.10.23 පැවති සංවාද මණ්ඩපයකට සහභාගී වෙමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශන කමිටුවේ සාමාජික, සිරිල් ගාමිණි පියතුමන් එම ප්‍රකාශය කර තිබුණි.

    ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ, සහරාන් හෂීම් හා ඔහුගේ අනුගාමිකයින් පෝෂණය කිරීමෙහි ලා එකල බ්‍රිගේඩියර්වරයෙක් වු සලේ මහතා, ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටුකරන ලද බවය. සිරිල් ගාමිණී පියතුමා හා වෙනත් අය විසින් සිදුකර ඇති එම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් සලේ මහතාගේ පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ,තමා අපකීර්තියට පත්කිරීමේ අරමුණින් නඟා ඇති චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවය.

    තවදුරටත් එම පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ, එම චෝදනාවල අරමුණ වන්නේ, පොදු ජනතාව නොමඟ යැවීම පමණක්ම නොව හිතාමතාම ඔහුගේ කීර්ති නාමයට හානි සිදුකිරීමටත් ඔහුගේ ජීවිතය මෙන්ම පවුලේ අයගේ ජීවිතය ද අනතුරේ හෙළීමක් ලෙසය යනුවෙනි. තවද එබදු අසත්‍ය චෝදනා බුද්ධි අංශයන් මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා සුවිශේෂි කාර්යභාරයක් ඉටුකරන බුද්ධි නිලධාරින් හට ද නැවත පිළිසකර කළ නොහැකි හානියක් සිදුකරන බව ද සලේ මහතා කළ පැමිණිල්ලේ සඳහන් වේ.

    ඔහුගේ පැමිණිල්ලෙන් වැඩිදුරටත් අවධාරණය කළේ, කිසිදු තත්ත්වයක් යටතේ ඔහු කිසිදිනක සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයින් සමඟ කිසියම් හෝ ආකාරයක සන්නිවේදනයක් සිදුකර නොමැති බවය. එබැවින් සිය පැමිණිල්ලෙන් සලේ මහතා සිරිල් ගාමිණි පියතුමා හා එම සංවාද මණ්ඩපයට සහභාගී වු අනෙක් අයට ද නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.

    source-derana

     42 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleලංකාවේ විද්‍යාඥයින් සොයාගත් නැනෝ නයිට්‍රජන් පොහොර
    Next Article ඉන්ධන ආනයනයට දිගුකාලීන කොන්ත්‍රාත්තුවක්

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.