විදේශ විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිය හදාරන ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙරට සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ සිය පාඨමාලා හැදැරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ වංචනික ක්‍රියාවක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසනවා. කෙසේ වෙතත්, මේ වනවිට ගෝලීයව පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විදේශගතව වෛද්‍ය අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන් විශාල පිරිසක් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙරට සිට තම අධ්‍යයන කටයුතු සිදු කරගෙන යනු ලබනවා.
එවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, විදේශ වෛද්‍ය විද්‍යාල, විශ්වවිද්‍යාල සහ වෙනත් ආයතනවලට ශ්‍රී ලංකාවට අදාළ වන ලෙස වෛද්‍ය උපාධි පිරිනැමීමට අවසර දී ඇත්තේ නේවාසික පාඨමාලා පැවැත්වීමේ පදනම මත බවයි. ඒ අනුව එම පාඨමාලාවන් හි පූර්ව සායනික, අර්ධ සායනික සහ රෝහල් සායනික පුහුණුවීම් සියල්ල අදාළ විශ්වවිද්‍යාල පිහිටි රටේ නේවාසිකව සිට සම්පූර්ණ කළ යුතුවීම අනිවාර්ය බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අවධාරණය කරනවා.
ඒ අනුව යම් ආයතනයක් හෝ සිය පාඨමාලා නේවාසිකව සම්පූර්ණ නොකර මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කර සහතික ඉදිරිපත් කිරීම වංචනික සහ නීතිවිරෝධී ක්‍රියාවක් බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. යම් පුද්ගලයෙකු අදාළ කොන්දේසි සම්පූර්ණ නොකර උපාධි සහතික පත්‍රයක් ඉදිරිපත් කළ හොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට වෛද්‍ය ආඥා පනත යටතේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බලය ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් අප කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ වෛද්‍ය උපාධිය පිරිනමන විදේශ වෛද්‍ය විද්‍යාල, විශ්වවිද්‍යාල සහ අනෙකුත් ආයතන රැසක් ශ්‍රී ලංකාව සමග මීට පෙර එළඹ ඇති අවබෝධතා ගිවිසුම් උල්ලංඝනය කරමින් කටයුතු කරන බවයි.
ඒ සම්බන්ධයෙන් අදාළ වෛද්‍ය විද්‍යාල හා විශ්වවිද්‍යාල වෙත අවස්ථා ගණනාවකදී දැනුම් දීම් සිදුකළ ද කිහිපයක් හැර බහුතරයක් ඊට ප්‍රතිචාර දක්වා නොමැති බව ද වෛද්‍ය සභාව තහවුරු කළා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමග එළඹ ඇති ගිවිසුමෙන් බැහැරව වෛද්‍ය උපාධියට අදාළ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමේදී ඒ පිළිබදව වෛද්‍ය සභාව දැනුවත් කිරීමට එම වෛද්‍ය විද්‍යාල හා විශ්වවිද්‍යාල බැදී සිටින බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කියා සිටියා. source-hiru
66 total views, 2 views today