මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය අද (24) පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. තරඟය සාජා ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරඟය සදහා ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා නොකරන බවයි මේ වන විට වාර්තා වන්නේ. පසුගිය තරඟයේ දී ඔහු මුහුණදුන් ආබාධය හේතුවෙන් අද තරඟයෙන් ඔහුව විවේක ගැන්වීමට ඉඩ තිබෙනවා. මේ අතර ඉන්දියාව හා පාකිස්ථාන කණ්ඩායම අතර තරඟය අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. source-hk
32 total views, 2 views today