ඊයේ (23) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගාබිම නිරීක්ෂණයට එක්වෙමින් සඳහන් කර සිටියේ, තමාට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීම බවත් නිවැරදි දේ වෙනුවෙන් නොබියව තීරණ ගනිමින් ජනතා අවශ්‍යතා දෙස පමණක් බැලීමට සූදානම් බවටයි.
කාබනික වගාවන් හි නියැලෙන ව්‍යවසායකයන් දිරි ගැන්වීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්විය. එහිදී ගොවීන්ගෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා සඳහන් කළේ, “මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට. ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න, මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා. අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න” යනුවෙනි.
සම්පූර්ණ නිවේදනය පහතින්,
source-derana
26 total views, 2 views today