What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Monday, May 23
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»සාර්ථක කාබනික ගොවිපොළක් – කාබනික වගාව කියන්නේ කම්මැලි නැති ගොවියන්ගේ වගාව
    Local

    සාර්ථක කාබනික ගොවිපොළක් – කාබනික වගාව කියන්නේ කම්මැලි නැති ගොවියන්ගේ වගාව

    writerBy writerOctober 23, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    රට පුරා ගොවි උද්ඝෝෂණ පැවැත්වෙන අතරතුර සියයට සීයක් කාබනික පොහොර යොදා ගනිමින් සාර්ථක ගොවිපොලක් පවත්වාගෙන යන ගොවි ව්‍යාපාරිකයෙකු කුලියාපිටියෙන් අපට හමුවිය. අක්කර 16ක් පුරා විහිදුනු එම ගොවිපොළ කුලියාපිටිය උඩුබැද්දාව බුන්නැහැපොළ ප්‍රදේශයේ පවත්වාගෙන යයි. මෙම ගොවිපොළ හරහා ඉතා සාර්ථක අයුරින් සීයට සීයක් කාබනික පොහොර යොදාගෙන එළවළු සහ පළතුරු වගාකරමින් තිබේ.

    වගාව සඳහා යොදාගනු ලබන කාබනික පොහොර ඔවුන් හඳුන්වන්නේ ගැඬවිලි පොහොර ලෙසය. මේ ගැඬවිලි පොහොර නිර්මාණය කරන්නේ නරක් වූ පළතුරු සහ එළවළු භාවිත කරගෙනය. ඒ මත ගැඬවිලි පණුවන් වර්ධනයවීමට සලස්වා අදාළ පොහොර සකස් කරගනු ලබයි. කෘමීන් විනාශ කිරීමේ හැකියාව සහිත ගැඬවිලි පොහොර, වර්ධක හෝමෝන, හිතකර බැක්ටීරියා, හිතකර දිලීර ආදී සෑම අවශ්‍යතාවයක්ම අන්තර්ගත වන බව එහි හිමිකරු පවසයි.

    ලෙස්ලීස් ආදර්ශ ගොවිපොළ, කළමනාකාර අධ්‍යක්ෂ ලෙස්ලි බර්නාඩ් පෙරේරා මහතා සඳහන් කළේ,

    “අවුරුදු 14කට කලින් අහම්බෙන් පෙළඹෙන්නේ මේකට. රසායනික පොහොර භාවිතයට ඇබ්බැහි වූ කාලයක්. කාබනික පොහොර යෙදූ ආහාර ඕන වුනත් ඒකට ක්‍රමයක් තිබුණේ නෑ. කෘමිනාශක ගහපු එළවළු ඒ කාලයේ තිබුණේ. රජය මේ මට්ටමට, මෙහෙම තහනමකට ලක්කරයි කියලා දැනං හිටියේ නෑ එතකොට. පණුවෝ 150න් ආරම්භ කළේ දැන් කෝටියක් ඉන්නවා. කාබනික වගාව කියන්නේ කම්මැලි නැති ගොවියගේ වගාව. රසායනික වගාව කියන්නේ කම්මැලි ගොවියගේ වගාව”

    ගැඬවිල් පණුවන් යොදාගනිමින් නිෂ්පාදනය කරන කාබනික පොහොර ටොන් ගණනක් මෙම ගොවිපොළ හරහා වෙළෙඳපොළටද  නිකුත් කරයි. අක්කර 16ක් පුරා පැතිර පවතින ගොවිපොළ තුළ කරවිල, වැටකොලු, වම්බටු, ගෝවා, කැරට් ආදී එළවළු වර්ග වගාකරන අතර පළතුරු මෙන්ම පොල් වගාවක්ද මෙම භූමිය තුළ සිදුකරයි. මෙහි විශේෂත්වය වන්නේ සෑම පාරිභෝගිකයෙකුටම තමන්ට අවශ්‍ය එළවළු හා පළතුරු වගා භූමියටම පැමිණ ගස්,වැල්වලින්ම නෙලාගැනීමේ හැකියාව ලබාදී තිබීමය.

    මේ අතර කාබනික නයිට්‍රජන් දියර පොහොර නිෂ්පාදන ක්‍රියාවලියක් සහිත කර්මාන්තශාලාවක් ඊයේ (21) පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. තේ වගාව සඳහා සුවිශේෂී වූ මෙම දියර පොහොර ශාකපත්‍ර ඵල ලෙසින් නෙලාගන්නා සියලුම ශාක සඳහා යෝග්‍ය වන බව මෙම ආයතනයේ කළමනාකර අධ්‍යක්ෂවරයා පැවසීය. source-derana

     18 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleපළාත් පාලන නියෝජිතයින් ට අවවාදයක්
    Next Article ගුරුවරු පිරිසක් රුපියල් 5,000 නැවත භාරදෙති

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.