නාරාහේන්පිට සහ බත්තරමුල්ල දක්වා ප්‍රදේශ කිහිපයක සිට කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන්වලදී අන්තර් පළාත් බස් රථයක් බැගින් ධාවනයට යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ගාල්ල, මහනුවර, කුරුණෑගල, රත්නපුර, හලාවත සහ රත්නපුර සිට මෙලෙස සාමාන්‍ය සේවා බස් රථය බැගින් යෙදවීමටයි තීරණය වී ඇත්තේ.
දැනට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් නිකුත් කර වලංගුව පවතින මඟී සේවා අවසර හිමි ධාවකයින්ට ඒ සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව පවතින බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා. source-hiru
42 total views, 2 views today