පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග විසිහතරක (24) හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයෙන් අනාවරණය කරනවා. ඒවා පියයුරු පිළිකා, මොළයේ පිළිකා, අමාශයේ පිළිකා, පෙණහලු පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන ඖෂධ බවයි වාර්තා වෙන්නේ. වසරකට මෙරටින් පිළිකා රෝගීන් විසිනවදහස් හයසිය හතරක් (29,604) වාර්තාවන අතර ඉන් නවදහසකට (9,000) අධික ප්‍රමාණයක් පියයුරු පිළිකා රෝගීන් වනවා.
ඒ අනුව මෙලෙස හිඟ ඖෂධ වර්ග වන්නේ procarbazin 50mg, Asparaginase 10000iu, Cyclophosphamide 50mg Dexamethasone 4mg ඇතුළු ඖෂධ වර්ග විසිහතරකි. මේ සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශය දැනුවත් කර ඇතත් මෙතෙක් ඖෂධ ලැබී නැති බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු පවසනවා. වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ ලබා දෙන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි.
කෙසේ වෙතත් ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා පවසන්නේ ඖෂධ වර්ග තුනක පමණක් හිඟයක් ඇති බවයි. මෙම වසරේ පිළිකා නාශක ඖෂධ වර්ග 177ක් රෝගීන් සඳහා අවශ්‍යව තිබූ අතර එම ඖෂධවලින් අගෝස්තු මාසයට පෙර ලබා ගැනීමට නොහැකි වූයේ ඖෂධ වර්ග තුනක් පමණක් බවයි ඔහු සඳහන් කළේ. විශේෂයෙන්ම සැපයුම්කරුවන් නොමැති වීම නිසා මෙම ඖෂධ වර්ග ලබා ගැනීමේ ගැටලුවක් පවතින බවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළා. source-colombotimes
82 total views, 2 views today