රැකියා සඳහා විදෙස්ගත වීමේදී තැරැව්කරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශ, විදෙස්ගත වන පුහුණු ශ්‍රමිකයින්ට දැනුම් දෙනවා. එම කාර්යංශය සඳහන් කළේ, එහි නියාමනය යටතේ ලියාපදිංචි බලපත්‍රලාභීන් හරහා පමණක් ඍජුවම විදෙස් රැකියා ලබාගැනීමට කටයුතු කළ යුතු බවයි.
එවැනි බලපත්‍රලාභී ඒජන්තවරුන් සහ ආයතන 800ක් පමණ පවතින බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය පෙන්වා දෙනවා. රැකියා සඳහා විදෙස් ගතවීමේ ක්‍රියාවලියේදී යම් ගැටලුවක් ඇති වුවහොත් පැය 24 පුරා ක්‍රියාත්මක විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 1989 ක්ෂණික දුරකතන අංකය අමතා අදාළ උපදෙස් හා සේවාවන් ලබාගත හැකියි. source-hiru
38 total views, 2 views today