ලංකා IOC සමගම විසින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් වැඩි කිරීමට තීරණය කර තිබේ. ඒ ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදිය. ලෝක වෙළෙඳපොලේ තෙල් මිල ඉහළ යාම තුළ මෙම තීරණය ගැනීමට සිදුවූ බව එම සමාගම නිවේදනය කරයි.
ඒ අනුව IOC ඉන්ධන පිරවුම්හල් තුළ අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 162කි. එමෙන්ම රුපියල් 111කට පැවති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 116ක් වෙයි. කෙසේවෙතත් සූපර් ඩීසල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිලෙහි වෙනසක් නොවන බව ලංකා IOC සමාගම නිවේදනය කළේය.
ලංකා IOC සමාගම නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමත් සමග ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ද දක්නට ලැබුණි. ලංකා IOC සමාගම නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමත් සමග සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල ද දිගු පෝලිම් ඇති වී තිබුණි.
source-derana
56 total views, 2 views today