සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේ අවුරුදු 16ත් 19ත් අතර වයස් කාණ්ඩයේ සියලු පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම හෙට (22) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබාදී ඇති බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව අවුරුදු 16ත් 19ත් අතර වයස් කාණ්ඩයේ පාසල් සිසුන් සඳහා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් විසින් තීරණය කරනු ඇති බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.
“අපි තීරණය කළා අනෙකුත් පළාත්වල අද එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කළා. අපි බස්නාහිර පළාතේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ අවුරුදු 18 – 19ත් අතර වයස් කාණ්ඩවල පමණයි. ඒ අනුව තමයි අපි තීරණය කළේ අනෙකුත් පළාත්වල හෙට දින සිට ලංකාව පුරාම අවුරුදු 16, 17, 18 හා 19 වයස් කාණ්ඩවල ළමුන්ට එන්නත්කරණය කරන්න.” source-derana
78 total views, 2 views today