ඊයේ (20) දිනයේ නැවතත් දෛනික කොරෝනා ආසාදිතයන් 500 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 539 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා. ඊයේ දේශීයව ආසාදිතයන් 537 ක් හඳුනාගත් අතර විදෙස් රටවල සිට පැමිණි දෙදෙනෙක් පසුව කොරෝනා ආසාදිතයෙක් ලෙස හඳුනා ගත්තා මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් 533,305 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 493,674 ක් වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 26,088 ක් වනවා. පසුගිය 19 වන දා කොරෝනා මරණ 18 ක් වාර්තා වූ අතර ඒ සමඟින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,543 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. source-HK
14 total views, 2 views today