What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගැන විශේෂඥ මතය
    Local

    නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගැන විශේෂඥ මතය

    writerBy writerOctober 21, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා පිළිබඳ මහාචාර්ය එස්. ඩී. එම්. චින්තක මහතා පවසා සිටින්නේ, නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාවිත කිරීම සම්බන්ධයෙන් තවමත් ඉන්දියාවේ ගොවීන්ට පවා අත්දැකීම් අඩු බවයි. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ, මෙම පොහොර මෙරට භාවිත කිරීමට පෙර ක්ෂේත්‍ර පර්යේෂණ සිදුකළ යුතු බවය. 

    “නයිට්‍රජන්වලට අපි මුලින් පාවිච්චි කළේ යූරියා. යූරියා දැන් ලංකාවට ගෙනඒම තහනම් නිසා නැනෝ යූරියා පොහොරක් ආනයනය කරලා තියෙනවා. මේ පොහොර සම්පූර්ණයෙන්ම රසායනික පොහොරක්. මේක ඉන්දියාවේ පර්යේෂණ මට්ටමින් සිදුකරලා, ක්ෂේත පරීක්ෂණත් සිදුකරලා ගොවියන් සඳහා නිකුත් කරලා තියෙන්නේ දැනට මාස 2කට ඉස්සෙල්ලා. තාම මේක ඉන්දියාවෙවත් ගොවීන් අතර භාවිත කරලා ගොවීන්ගේ අත්දැකීම් කිසිවක් නැති පොහොරක්. මේක ලංකාවේ එකපාරටම දානවාට වඩා ලංකාවේ ක්ෂේත්‍ර පර්යේෂණ කරලා ඒ හරහා ලැබෙන ප්‍රතිඵල විශ්ලේෂණය කරලා තමයි ලංකාවට හඳුන්වාදිය යුත්තේ කියලා මම නම් විශ්වාස කරන්නේ.”

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිඨයේ පාංශු සරුබව සහ පෝෂක කළමනාකරණය පිළිබඳ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා සඳහන් කළේ,

    “මේ පොහොර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පර්යේෂණ මා දැනුවත්ව නෑ. නමුත් ඉන්දියාවේ පවා කරලා තියෙන පර්යේෂණවලින් පෙන්වන්නේ සාමාන්‍ය නයිට්‍රජන් පොහොර යූරියා විදිහට යොදලා වර්ධන අවස්ථාවල මේ නැනෝ පොහොර වාර දෙකක් යෙදීම තමයි. මේ නැනෝ යූරියා දියර පොහොර 4%යි නයිට්‍රජන් තියෙන්නේ. බීජ හදන්න කිලෝග්‍රෑම් 50ක් ශාකයට අවශ්‍ය කරනවා. ඒ සඳහා අපි ලබා දෙන්නේ ග්‍රෑම් 100ක් වැනි කුඩා ප්‍රමාණයක් මේ දියර පොහොර හරහා. මේ දියර පොහොර පැය කිහිපයකට වරක්වත් ගැහුවොත් තමයි ශාකයට අවශ්‍යකරන නයිට්‍රජන් ප්‍රමාණය ලබාදෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක කිසිසේත්ම ප්‍රායෝගික ක්‍රියාවලියක් නොවන බව තමයි මගේ විශ්වාසය.”

    කෙසේවෙතත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා සඳහන් කළේ, 

    “මේ ප්‍රභවය ශාකයේ පත්‍රවලට දියරයක් ලෙස ලබාදුන් පසු ඒක ශාකය අභ්‍යන්තරයට ගමන් කරනවා. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කාලයන් හදලා තියෙනවා, මේ පොහොර කොහොමද භාවිත කරන්නේ කියලා. ගොවීන්ට කිසිම බයක් නැතුව මේ පොහොර පාවිච්චි කරන්න පුළුවන්.”

    මහ කන්නය සඳහා අවශ්‍ය දියර පොහොර ගෙන්වීමේ පළමු අදියර ලෙස ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් ඊයේ (19) ඉන්දියාවේ සිට මෙරටට ගුවන් මගින් ගෙන එනු ලැබීය. නයිට්‍රො රජා ලෙසින් නම් කර ඇති එම දියර පොහොර තොගය මේ වනවිටත් ගොවි ජනතාව වෙත බෙදාහැරීම ආරම්භ කර තිබේ. source-derana

     24 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleහෙට රට දකින්නෙත්, හෙට රට හදන්නෙත් අපි – රනිල්
    Next Article මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ 200ක් අත්අඩංගුවට ගැනේ

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.