What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»ළමුන් 200ට අඩු පාසල් අදින් ඇරඹෙයි – A/L දරුවන් ට එන්නත්කරණය රට පුරා
    Local

    ළමුන් 200ට අඩු පාසල් අදින් ඇරඹෙයි – A/L දරුවන් ට එන්නත්කරණය රට පුරා

    writerBy writerOctober 21, 2021No Comments3 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    අද (21) දිනයේ සිට කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ පාසල් අදියර කිහිපයක් යටතේ අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීම සිදු කෙරෙනවා. ඒ අනුව ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතය. පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සදහා අවශ්‍ය සියලු පහසුකම් පාසල්වලට ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අවස්ථා කිහිපයක දී පාසල් වසා දැමීමට සිදුවු අතර පසුගිය අප්‍රේල් මාසයෙන් පසු අධ්‍යයන කටයුතු සඳහා පාසල් විවෘත වන පළමු අවස්ථාව මෙය යි. ඉදිරි සති කිහිපය තුළ ක්‍රමානුකූලව දිවයිනේ සෙසු පාසල් ද  අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    “අද දින අපේ රටේ ලක්ෂ 6ක් පමණ වන සිසු දරුවන් පසුගිය වසරේ කඩින් කඩ පාසල්වල පන්ති නවතා තිබීම හමාර කරමින් පාසල් විවෘත කිරීම නිසා අධ්‍යාපනය ලබාගැනීමේ ක්‍රියාදාමය රට පුරා ආරම්භ වෙනවා. පාසල් 3,000කට වැඩි ප්‍රමාණයක පළමුව ප්‍රාථමික ක්ෂේත්‍රයට මව්පිය දෙපළගෙත්  රටෙත් ජාතියෙත් බලාපොරොත්තු ඉටුකිරීමට එම අවස්ථාව විවෘත වෙනවා. විදුහල්පතිවරු ගුරුවරු හා ප්‍රදේශීය ව ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ද සියල්ල හමාර කර ඒ බලාපොරොත්තු ව සිසුදරුවන් ට විශ්වාසනීය අනාගතයක් ඇති ගමනක අවශ්‍ය පියවර රජය පළාත් සභා සමඟ ගෙන තිබෙනවා. ඒ වගේම ඉදිරි දවස්වල මීළඟ ශ්‍රේණි සඳහා තීරණ ගැනීම ප්‍රකාශයට පත්කරනවා.”

    අධ්‍යයන කටයුතු සඳහා පාසල් විවෘත කෙරුණ ද ගුරු – විදුහල්පති ඇතැම් වෘත්තීය සමිති පවසන්නේ සිය වැටුප් ගැටලුවට විසඳුම් ලැබෙන තුරු ඉගැන්වීම් කටයුතු සඳහා පාසල්වලට නොයන බවය. කෙසේවෙතත් ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු –  විදුහල්පති සංගම් කිහිපයක් අද සහ හෙට (22) දිනයේ වැඩ වර්ජනයක නිරත වී ලබන 25 වන දින සිට පාසල්වල ඉගැන්වීම් කටයුතුවල නිරතවීමට තීරණය කර තිබේ.

    ඒ පිළිබඳව පැහැදිලි කරන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජොසෆ් ස්ටාලින් මහතා,

    “21 වන දිනත් 22 දිනත් අපේ වැඩවර්ජනය අපි අනිවාර්යෙන් ම කරනවා. පැහැදිලිව ම ආණ්ඩුව මේ වැඩවර්ජනයට එරෙහි ව ඇමතිවරු පොලීසිය ඒ වගේම නිලධාරීන් සියලුදෙනා දාලා මේකට එරෙහිව ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග අරන් තියෙනවා. පාසල් ළමුන්ට එන්න කියලා ප්‍රාදේශීය ලේකම්වරු අරන් බලපෑම් කරා. විවිධ ක්‍රියාමාර්ග ගත්තා. අපි පැහැදිලිව ම  ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටු යෝජනාව, සුබෝධනී කමිටුවේ කොටසක් හැටියට සම්පූර්ණයෙන් ලබාදෙන්න කියලා බලකරමින් අපි වෘත්තීය ක්‍රියාමාර්ගය අරන් තියෙන්නේ. අපි අනිවාර්යයෙන් ම මේ දින දෙකේ වැඩවර්ජනය කරනවා. අපි දන්නවා ආණ්ඩුව සම්පූර්ණ වැර යෙදුවා මේක පරාජය කරන්න. අපි මේක ඉදිරියට අරන් යනවා.”

    පාසල් ආරම්භ වීමත් සමඟ ගුරුවරුන් ඉගැන්වීම් ක්‍රියාවලියට සහභාගී වන බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සඳහන් කළාය.

    “අපි දිගින් දිගට ම රජයට බලපෑම් කළේ, පාසල් පටන් ගන්න කියලා. ඒ අනුව රජයේ පළමු අදියර හැටියට සිසුන් 200ට අඩු පාසල් ආරම්භ කිරීමට කටයුතු කරලා තියෙනවා. අපි සංගමයක් හැටියට අපේ ගෞරවය හා ස්තූතිය රජයට පිරිනමනවා මේ ගත්ත නිර්භීත තීරණයට. ඒ නිසා මොන බාධක ආවත් දරුවනී පාසලට එන්න. දෙමව්පියන්ට කියනවා බය නැතුව ඔබ ඔබේ දරුවා පාසලට එවන්න. ඒ අදාළ පරිසරය රජය විසින් සකස් කරලා දීලා තියෙනවා.  ගුරුවරුන්ට අරගලයක් වුණාට අන්තවාදි බලවේගවලට හා සංගම්වලට ඒක ආණ්ඩු විරෝධී අරගලයක්. ඔබේ හිසට ඔබ අතමය සෙවනැල්ල කියන්නේ ඔබේ රැකියාවට යම් නීතිමය ගැටලුවක් ආවොත් වගකියන්නේ ඔබ විතරයි. දැන්වත් මොළය පාවිච්චි කරලා අපි අපේ වගකීම දරුවන් වෙනුවෙන් ඉටුකරමු.”

    මේ අතර වයස අවුරුදු 18ත් 19ත් අතර දිවයින පුරා සිටින පාසල් සිසුන් එන්නත්කරණ කටයුතු අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ, පාසල් ආශ්‍රිතව මෙම එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

    වයස අවුරුදු 18ත් 19ත් අතර කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් එන්නත්කරණය පසුගිය 15 වන දින ආරම්භ වු අතර එහිදී ළමුන් 10,000කට වැඩි පිරිසක් එන්නත්කරණයට භාජනය වී තිබේ. ලබන සෙනසුරාදා දිනයේ සිට සෑම සෙනසුරාදා දිනකම පාසල් ළමුන් එන්නත්කරණ වැඩපිළිවෙල දිවයිනේ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකම සිදුකරන බව විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේය. source-derana

     46 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleවයස 16න් ඉහළ එන්නත්කරණය ඇරඹෙන දිනය
    Next Article ජනපති පාර්ලිමේන්තුව ට‍

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.