විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසා සිටියේ, විදුලි බලාගාර සඳහා අවශ්‍ය වන ගල්අඟුරු ප්‍රමාණවත් බැවින් විදුලි නිෂ්පාදනයට එය බාධාවක් නොවන බවයි. කෙසේ වෙතත්, ලෝක වෙළදපොළේ ගල් අගුරු මිල මේ වනවිට ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා ගල් අගුරු මිල දී ගැනීම එළඹෙන පෙබරවාරි මාසය දක්වා කල් දමා ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ගල් අගුරු මිල දී ගැනීම කල් දැමුව ද විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ගල් අඟුරු තොග ප්‍රමාණවත් පරිදි පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ලෝක වෙළදපොළේ ගල් අගුරු මෙට්‍රික් ටොන් එකක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 285ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙරට විදුලියෙන් 40%ක ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන්නේ ගල් අගුරු උපයෝගී කර ගනිමින්. source-hiru
66 total views, 2 views today