ප්‍රධාන පෙළේ සීනි ආනයනකවරුන් කිහිප දෙනෙකු විසින් සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කරන්නැයි මුදල් අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් කර තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමිනුයි ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ. මේ වනවිට සීනි සඳහා පාලන මිලක් නියම කර තිබුණ ද යළිත් වෙළදපොළේ සීනි මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය කාලසීමාව තුළදී සීනි තොග සඟවා තැබීම හේතුවෙන් සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 230 දක්වා ශීඝ්‍ර ලෙස ඉහළ ගියා. ඒ අනුව, සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 122ක පාලන මිලක් පනවමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරුණා. කෙසේ වෙතත්, අද වන විට වෙළඳපොළේ සුදු සීනි රුපියල් 135ක මිලකට අලෙවි වන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කළේ.
එසේම දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් සදහා රජය විසින් රුපියල් 125ක පාලන මිලක් පනවා තිබුණ ද මේ වන විට දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් වෙළදපොළේ අලෙවි වන්නේ රුපියල් 138ක මිලකට බවයි වෙළඳපොළ ආරංචි මාර්ග සදහන් කළේ. දැනට වෙළදපොළේ සුදු සීනි නොමැති අතර, ඇත්තේ දුඹුරු සීනි පමණක් බවයි සීනි ආනයනකරුවන් ප්‍රකාශ කළේ. රජය විසින් ආනයනය කිරීමට අවස්ථාව ලබාදී ඇති නමුත් ඩොලර් හිඟවීම ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි ඔවුන් කියා සිටියේ.
සීනි ආනයනකරුවන්ගේ සංගමයේ උපසභාපති නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ මාස පහකට පෙර මෙරටට ගෙන් වූ රුපියල් කෝටි 100කට වැඩි වටිනාකමකින් යුත් සීනි තොගයක් වරායේ සිර වී ඇති බවයි. කන්ටේනර් 300ක පමණ සීනි මෙටි්‍රක් ටොන් 7,000කට වැඩි ප්‍රමාණයක් මෙලෙස වරායේ ඇති බව ද ඔහු ප්‍රකාශ කළා. source-hiru
44 total views, 2 views today