මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය කඩුළු 7 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා නැම්බියා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි නැම්බියා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 96 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී Craig Williams ලකුණු 29 ක් ලබාගත් අතර Gerhard Erasmus ලකුණු 20 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මහේෂ් තීක්ෂණ කඩුළු 3 ක් සහ ළහිරු කුමාර, වනිඳු හසරංග කඩුළු 2 බැඟින් සහ චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම 13 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ ලකුණු 42 ක් හා අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 30 ක්, කුසල් පෙරේරා ලකුණු 11 ක් ලබා ගත්තා.
108 total views, 2 views today